ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ‘Wild Life Photographer of the Year – WPY’ සම්මානයෙන් පිදුම් ලබයි

ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත්න ‘Wild Life Photographer of the Year – WPY’ සම්මානයෙන් පිදුම් ලබයි

මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ස්වභාවික ඉතිහාස කෞතුකාගාරය (Natural History Museum, London) විසින් සංවිධානය කරන ලද ලෝක ප්‍රකට, වනජීවී ඡායාරූප ශිල්පී සම්මාන (Wild Life Photographer of the Year – WPY) තරඟාවලියේදී වන ජීවි ඡායාරූප ශිල්පී ලක්ෂිත කරුණාරත මහතා නැවත වරක් ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දී ඇත. එංගලන්තයේ ලන්ඩන් ඉතිහාස කෞතුකාගාරය සංවිධානය කරන මෙම තරගාවලිය වනජීවී ඡායාරූපකරණයේ ඔස්කා සම්මාන උළෙල ලෙසයි හැඳින්වෙන්නේ. මෙම තරගාවලියේදී දෙවරක් සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයාද මොහුයි. මෙම තරගාවලිය සඳහා රටවල් 120කින් ඡායාරූප 60,000කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබෙනවා. එයින් අවස්ථාවන් ජයග්‍රාහී ඡායාරූප සී අතරට ලක්ෂිත කරුණාරත්න ඉදිරිපත් කළ ඡායාරූපයක් තෝරාගෙන තිබීමද මෙහි විශේෂත්වයක්. ඔහුද 2017 වසරේදීද මෙම ඡායාරූප සම්මාන උළෙලේදී සම්මානයක් හිමිකර ගත්තා. ලක්ෂිත කරුණාරත්න මෙම තරගාවලියට ඉදිරිපත් කර තිබූ ටොක්සික් ටිප් (Toxic Tip) නම් ඡායාරූපය මෙරට අලි මේස් ගැටුමේ තවත් එක්ක අඳුරු පැතිකඩක් නිරූපණය කෙරෙන්නක්. අක්‍රමවත් අපද්‍රව්‍ය බැහැර කිරීම සහ පොලිතීන් හේතුවෙන් අලි ඇතුන්ට සිදුවන හානිය පිළිඹිබු කෙරන සංවේදී අවස්ථාවක් ලෙසයි මෙම ඡායාරූපය සැලකෙන්නේ.

Leave a Comment