පළමු රන්දෝලි පෙරහැර අදයි

පළමු රන්දෝලි පෙරහැර අදයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කළා. පළමු රන්දෝලි පෙරහැර අද (04) පස්වරු 6.52ට යෙදෙන සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි.

පෙරහැර වැව පාර, දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, හරස් වීදිය ඔස්සේ නැවතත් ඩී. එස්. සේනානායක වීදියට පිවිස රජ වීදියෙන් ගෙවැදීමට නියමිතයි.

පළමු රන්දෝලී පෙරහැර වෙනුවෙන් පොලීසිය විශේෂ රථවාහන සැලැස්මක් හා ආරක්ෂක විධි විධාන ක්‍රියාත්මක ද ක්‍රියාත්මක කොට තිබෙනවා.

Leave a Comment