ප්‍රවීණ ශ්‍රී ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම්ගෙන් ශ්‍රී ලංකා සිනමාවට තවත් දැවැන්ත සිනමාපටයක්!

ප්‍රවීණ ශ්‍රී ලාංකීය සිනමාකරුවකු වන චන්ද්‍රන් රත්නම්ගෙන් ශ්‍රී ලංකා සිනමාවට තවත් දැවැන්ත සිනමාපටයක්!

දෙස් – විදෙස් තාක්ෂණික ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් යුතුව මේ දින මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් අරම්භ වී තිබෙනවා, සිනමාව සඳහා යොදාගනු ලබන නවීන පන්නයේ තාක්ෂණික ක්‍රම ශිල්ප යොදා ගනිමින් රූගත කිරීම් සිදු වෙමින් පවතින මෙම චිත්‍රපටයද ලාංකේය සිනමාවේ එදාමෙදාතුර කාලයේ නිෂ්පාදනය කළ දැවැන්ත ගණයේ ලා සැලකෙන සිනමා ව්‍යාපෘති අතරට එක්වෙනවා. චන්ද්‍රන් රත්නම් ගේ අධ්‍යක්ෂණය යටතේ නිර්මාණය වූ චිත්‍රපට ලෙස අලිමංකඩ – A Comm0n Man – According to Mathew, මේ වගේ ආදරයක් ආදී චිත්‍රපට කීපයක්ම අධ්‍යක්ෂණය කර තිබෙන චන්ද්‍රන් රත්නම්, ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් සිනමාපට රැසකම රේඛීය නිෂ්පාදකවරයෙකු ලෙසත් කටයුතු කළා.
මෙරට පමණක් නොව ඔහු විසින් තම දායකත්වය ලබා දුන් විදෙස් නිර්මාණ ලෙස Indiana Jones & Temple of Doom – Ready – Water – Jism 2 වැනි සිනමාපට පෙන්වා දීමට පුලුවන්.

Leave a Comment