පිළිකා මාරයා පරදවන කටු අනෝදා

පිළිකා මාරයා පරදවන කටු අනෝදා

ඔබ කවුරුත් අහලා තියෙන අනෝදා කියන්නේ ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දැකගත හැකි ශාකයක්. මෙය කිලෝ ග්‍රෑම් 2.5 පමණ බරැති කොළ පැහැති වර්ණයෙන් යුක්ත ඉතා රසවත් පලතුරක්. ඒ වගේම මේ කටු අනෝදා ගෙඩි වලට පිළිකා සෛල නැසීමේ ගුණයක් තිබෙන බව ඔබ දැන සිටියාද?

මෙහි පවතින මේ අද්විතීය ගුණය නිසාම මෙය රසායනික ඖෂධ භාවිතා නොකර පිිළිකා මර්දනය කිරීමට යොදා ගන්නවා. දස දහස් ගණනින් මුදල් වියදම් කරමින් සිදු කරන ඖෂධ භාවිතයේදී පිළිකා සෛල මෙන්ම නිරෝගී සෛල ද විනාශ වී යන අවස්ථා තිබෙනවා. එහෙත් කටු අනෝදා තුළ අන්තර්ගත වන සංඝටක වලට මිනිස් සිරුරට හිතකර ලෙස රෝගය පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා.

මීට අමතරව ආහාර ජීරණය පහසු කිරීම සහ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමේ ගුණයක් මේ තුළ අන්තර්ගතය. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය යටතේ විවිධ ලෙඩ රෝග වලට ලබා ගත යුතු ආහාර අතර මෙය මුල් තැනක් ගන්නවා.එසේම ගර්භණී මව්වරුන් සඳහා සහ කිරිදෙන මව්වරුන් සඳහා විශේෂ‍යෙන් මෙම පලතුර ආහාරයට එක් කර ගැනීමට නිර්දේශ කරයි. මීට අමතරව තවත් වාසි‍ රැසක් මෙය ආහාරයට ගැනීමෙන් ලබා ගත හැක.

රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම

ශරීර ශක්තිය නිපදවයි.

අස්ථි ශක්තිමත් කරයි.

මේදය දහනය කරයි.

ඉරුවාරදය (migraine) සමනය කරයි.

පාද වල කෙණ්ඩ පෙරළීම අඩු කරයි.

⁠සම රැළි වැටීම වළක්වයි.

⁠මානසික ආතතිය දුරු කරයි.

Leave a Comment