මැතිව්ස් අවසන් ටෙස්ට් තරඟයේ කිංග් කෝලි ගේ හා ක්‍රිකට් දෙයියාගේ වාර්තා බිඳ දමයිද?

මැතිව්ස් අවසන් ටෙස්ට් තරඟයේ කිංග් කෝලි ගේ හා ක්‍රිකට් දෙයියාගේ වාර්තා බිඳ දමයිද?

ක්‍රිකට් රජු බොයිකොට් ගේ වාර්තාවකටත් කිට්ටුයි. බංග්ලාදේශයට එරෙහිව අවසන් ටෙස්ට් තරඟයේ පන්දුවට පහර දීමට පිවිසෙන ඇන්ජෙලෝ මැතිව්ස් සිව අවසන් ටෙස්ට් තරඟ‍යේදී ඉන්දීය සුපිරි පිතිකරු කිංග් කෝලි ගේ හා ඉන්දියාවේ ක්‍රිකට් දෙයියා ලෙසින් සැලකෙන සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තා බිඳ දමයිද යන්න සියළු දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා. ක්‍රිකට් ලොවේ රජු ලෙස සැලකෙන ශ්‍රීමත් ජෙෆ් බොයිකොට් ගේ වාර්තාවක් අභිබවා යෑමට ද මැතිව්ස් ආසන්න තත්වයේ සිටීම ඔහුගේ මේ අවසන් තරඟයේ විශේෂත්වයයි.කෝලි හා ජෙෆ් බොයිකොට් යනු ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්ත දෙකක්. ඔවුන් දෙදෙනාගේම වාර්තාවන් බිඳ දැමීමට මැතිව්ස් සමත් වුවහොත් ඒ සමුගන්නා තරඟයේ මැතිව්ස් ලබන විශාල සතුටක් මෙන්ම ශ්‍රී ලංකා නාමය ඉහළට එසවීමක් මැතිව්ස් තම මව්බ්මේදී සභාගී වූ ටෙස්ට් තරඟ 67 කදී ලකුණු 4323ක් ලබා ගෙන තිබෙනවා.විරාට් කෝලි ඉන්දියාවේදී සහභාගී වූ ටෙස්ට් තරඟ 55කදී ලකුණු 4336ක් ලබා සිටිනවා. එබැවින් තම මව්බිමේදී වැඩිම ටෙස්ට් ලකුණු ලබා සිටින කෝලි පසුකිරීමට මැතිව්ස්ට බංගලාදේශයට එරෙහි මේ තරඟයේදී අවශ්‍ය වන්නේ තවත් ලකුණු 14ක්. එම ලැයිස්තුවේම ජෙෆ් බොයිකොට් තම මව්බිම වූ එංගලන්තයේදී සහභාගී වූ ටෙස්ට් තරඟ 57කදී ලකුණු 4356ක් ලබා සිටිනවා. මැතිව්ස්ට බොයිකොට් අභිබවා යෑමට තවත් ලකුණු 34ක අවශ්‍යතාවක් තිබෙනවා. එමෙන්ම බංගලාදේශයට එරෙහිව වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් ලැයිස්තුවේ සචින් තෙන්ඩුල්කාර් අභිබවා යෑමට මැතිව්ස්ට තවත් අවශ්‍ය වන්නේ ලකුණු 101ක් පමණයි.

Leave a Comment