සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි හිමියෝ අපවත් වෙති

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි හිමියෝ අපවත් වෙති

අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, වයඹ ඇත්කඳ රජමහා විහාරාධිපති, ආනමඩුවේ ශ්‍රී ධම්මදස්ස්‍යභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රියේ අපවත් වී තිබුණා.

අපවත් වී වදාළ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය එළැඹෙන 24 වන බ්‍රහස්පතින්දා රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී එම ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

Leave a Comment