“ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක්

“ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක්

ශ්‍රී ලංකාවේ පවතින ස්වභාව සෞන්දර්‍ය විඳ ගනිමින් කොළඹ සිට් බදුල්ල දක්වා ගමන් කිරීමට දේශීය මහජනතාවගේ සහ විදෙස් සංචාරකයන්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ “ELLA WEEKEND EXPRESS” නමින් නව දුම්රියක් 2025.08.16 වන දින සිට සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 05.30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා සහ 2025.08.17 දින සිට සෑම ඉරිදා දිනකම ප.ව. 01.45 ට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබෙනවා.

Leave a Comment